හෙළ වෙදකමට මුවා වී ධම්මික බණ්ඩාර පාතාල කල්ලියක් හදාගෙන….! –  හරිත අලුත්ගේ

January 23, 2021 at 8:41 pm | by emanisa.lk

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාරට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර විසින් පහර දුන් බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සංගමයේ සහයෝගය දෙන බව ද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ ය.

කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සාධාරණයක් සිදුවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් රන් කරවන්න ඉඩ දිය නොහැකි බවත් තමන් වටේ සීයක දෙසීයක මැර පිරිසක් සමඟ කටයුතු කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය අලුත්ගේ මෙම අදහස් පල කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස