දෙවියන්ගේ ආශීර්වාදය හිමි අයට දෙවියන් වරම් දෙන බවත් දේව වරමින් ඕනෑ ම රෝගයක් සුවපත් කිරීමේ හැකියාවක් පවතින බවත් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්රධාන පූජක කාලිමුත්තු ශිව පාරසුන්දරම් සඳහන් කරයි.
ධම්මික බණ්ඩාර වෙද මහතා කාලි මෑණියන්ගෙන් ඖෂධයක් ලබා ගෙන කොරෝනා සඳහා ප්රතිකාර කිරීම කිසිවෙකු අවිශ්වාස නොකළ යුතු බවත් කිසිවෙකු දෙවියන්ට නින්දා අපහාස නොකළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.
එම කෝවිලේ මූලිකත්වය දරන පරම්පරාවක 13 වෙනි පරම්පරාව තමා නියෝජනය කරන බවත් එම දේව වරම පිස්සුවක් හෝ රෝගයක් ලෙස අවඥාවට ලක්කරන අයට පිස්සු බවත් හෙතෙම පෙන්වා දෙයි.
එලෙස දෙවියන්ට නින්දා අපහාස කළ මර්වින් සිල්වාට අද යන එන මං නැතිව ගොස් තැන තැන ඇවිදින බවත් ඔහුට තවමත් දෙවියන් දඬුවම් කර අවසන් නොමැති බවත් පූජකතුමා සඳහන් කරයි.
සියලු දෙනා ධම්මික බණ්ඩාර මහතාට එම ඖෂධය මගින් ජනතාව සුවපත් කරලීමට උදව් කළ යුතු බවත් දෙවියන්ට නින්දා අපහාස කර දේව උදහසට ලක් නොවන ලෙසත් හෙතෙම වැඩි දුරටත් පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.