ධනුෂ්ක, කුසල් සහ නිරෝෂන් ජෛව බුබුල කඩල…! නැවත දිවයිනට කැඳවීමට යයි….?

June 28, 2021 at 12:07 pm | by emanisa.lk

එංගලන්ත තරඟ සංචාරය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් ඊයේ (27) රාත්‍රී කාලයේ ඩර්හැම් වීදියක සැරිසරන ආකාරය දැක්වෙන විඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම ක්‍රීඩකයින් තිදෙනා වන්නේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, උප නායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ය.

පවතින කොවිඩ් ව්‍යාප්තිය නිසා එංගලන්ත – ශ්‍රී ලංකා තරඟාවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙයි. එම ක්‍රීඩකයින් තිදෙනා අදාළ රීති උල්ලංඝනය කර ඇත්නම් වහා ම නැවත දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එංගලන්තයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරුගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *