දේශීය ඖෂධවලට කොරෝනා සුවපත් කරන්න බෑ! බටහිර එන්නත වහා ම ලංකාවට ගෙන්වන්න! – දන්ත වෛද්‍ය සංගමය

December 18, 2020 at 8:22 am | by emanisa.lk

කොවිඩ් වෛරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙ රටට ද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජ​යේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගෙන් පෙරේදා (16) ලිිඛිත ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ කොවිඩ් වෛරසය මර්දනයට මේ මොහොතේ ඇති එකම විසඳුම එන්නතක් ලබාදීම බව ය.

එහෙත් රජය ඒ සඳහා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එම නිසා කඩිනමින් අනෙකුත් රටවල ලබාදෙන කුමන හෝ එන්නතක් මෙරටට ගෙන ඒමට පියවර ගත යුතු බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *