දේශපාලන වාසි ගන්න නොදන්න කොරෝනා බෙහෙත් ගැන දොඩවන්න එපා! GMOA දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් ඉල්ලයි!

November 24, 2020 at 9:05 am | by emanisa.lk

දේශපාලන වාසි සඳහා කොරෝනා ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කතා නොකරන ලෙස දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය විද්‍යාව හෝ ඖෂධ භාවිතය පිළිබඳ කිසිවක් නොදන්නා බව ද එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කළේ ය.

මෙම කණ්ඩායම් සමාජයට පතුරුවා හරින කිසිදු පදනමක් නැති වැරදි තොරතුරු නිසා ජනතාව චකිතයට පත්වන බවටත් මේ නිසා සමාජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටෙන බවටත් අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස