දෙවන කොරෝනා රැල්ල දරුණු වෙයි! දිනක් ඇතුළත මරණ තුනක්!

October 27, 2020 at 6:35 pm | by emanisa.lk

අද (27) දිනය ඇතුළත ලංකාවේ කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු මරුමුවට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක්, වයස අවුරුදු 19ක් තරුණයෙකු සහ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි ජා-ඇළ පදිංචි පුද්ගලයෙකි.

මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බව සඳහන් වේ. මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ය.

සතියක් වැනි ඉතා කෙටි කාලයක් තුළ කොරෝනා මරණ 06ක් වාර්තා වීම ඉතා ම අනතුරුදායක තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස