දියේ ගිලී මඩේ එරී නිහඬ වන්න ගිය ජීවිත 4ක් හමුදා විරුවෝ බේරා ගනිති!

September 9, 2019 at 10:43 am | by emanisa.lk

අරසපුරකුලම් වැවේ දිය නෑමට ගොස් රොන්මඩ සහිත දියවළක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දිවි දෙවැනි කොට බේරාගත් පුවතක් කිලිනොච්චිය, පුනරීන් ප‍්‍රදේශයෙන් වාර්තා විය.

කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත‍්‍රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් දෙදෙනෙකු තම ජීවිත අවධානම ගැනද නොතකා මෙම වීර ක්‍රියාව සිදුකර ඇත්තේ දැඩි වෙහෙසක් දරමිනි.

දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී සිට තිබූ අතර ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට ගිය ලාන්ස් කෝප‍්‍රල් ජී. එස්. අමරසිරි සහ ලාන්ස් කෝප‍්‍රල් ජේ. පී. ආරියරත්න මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

අඩි 15-20ක් පමණ ගැඹුරු දියේ අඩි 4ක පමණ රොන්මඩ තට්ටුවක මෙම පිරිස එරී ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිට ඇති අතර සෙබළු දෙදෙනා දැඩි වෙහෙසක් දරා සියලු දෙනා නිරුපද්‍රිතව ගොඩ ගෙන තිබේ.

මූලික ප්‍රථමාධාරවලින් පසු සියලු දෙනා රෝහල්ගත කර ඇති අතර මේ වන විට ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස