දින 20ක බිළිඳෙක් කොවිඩ් රකුසාට බිලි වෙයි! දෙමාපියන්ට රෝගය නැහැ!

December 8, 2020 at 10:30 pm | by emanisa.lk

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද (08) ඇතුළත් කළ දින 20ක් පමණ වයසැති බිලිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කරයි.

අද අලුයම 4.00 ට පමණ මෙම බිලිඳා රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති බවත් සිදුකළ PCR පරීක්ෂණයේ දී දරුවාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිට ඇති බව තහවුරු වූ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

කෙසේ වුවත් මෙම බිළිඳාගේ දෙමව්පියන් කොවිඩ් ආසාදිතයින් නොවන බව ද සිදුකළ පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.

මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය සහ රෝග තත්ත්වය උත්සන්න වන තුරු රෝහල්ගත නොකිරීම හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *