දැන් ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව 112ක් ගන්නවා…! බැසිල්ගේ දැවැන්ත නායකත්වය විතරයි ඕන…! – උදයංග….

June 13, 2022 at 10:20 am | by emanisa.lk

මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට මඩ ගැසීමෙන් ජනතාවගේ බඩ පිරෙන්නේ නැතැයි රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග පවසයි.

ජනතාවට නව නායකත්වයක් අවශ්‍ය නම් ජනතා කැමැත්ත නොලැබූ පිරිස් උඩින් ගෙනැවිත් රාජ්‍ය පාලනයට දැමීමෙන් පිළිතුරු නොලැබෙන බව ද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුය යන මතයේ සිටින බව ද උදයංග වීරතුංග සඳහන් කරයි.

එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3 බලය අහිමි වුව ද අනිවාර්යෙන් ආසන 113කට වඩා ගන්නා බවයි, උදයංග වීරතුංග අවධාරණය කරන්නේ. ඒ සඳහා බැසිල් රාජපක්ෂගේ නායකත්වය අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.

එහි දී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ආසන සංඛ්‍යාව ද තුනකට වැටී අනුර කුමාර දිසානායකගේ පක්ෂයේ මට්ටමට වැටෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *