තෙල් බැරලය ඩොලර් 110ට යද්දි ඩොලර් 35ට රුසියානු තෙල් නැවක් කොළඹට…! සති ගාණක් ගෙවුණත් තවමත් ආණ්ඩුව මුදල් ගෙවා නෑ…!

June 1, 2022 at 10:41 am | by emanisa.lk

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව ඉදිරිපත් වී ඇති අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති ගණනක් තිස්සේ නතර කර තිබේ.

ඊට ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 72.6 ක් වැනි අතිශය ලාභදායි මිලක් වුව ද රජය මෙතෙක් එම තෙල් මිලට ගෙන නැත.

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය මෙම රුසියානු තෙල් ඇනවුම් කර ඇත්තේ ඍජුව නොව ඩුබායිහි කොරල් එනර්ජි සමාගම හරහායි.

රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට ඍජුව තෙල් සැපයීමට ඉදිරිපත් වුවත් බලශක්ති අමාත්‍යාංශය ඊට කැමැත්තක් දක්වා නැත. බටහිර ආර්ථික සම්බාධක පිළිබඳ ඇති බිය මෙම තත්ත්වයට හේතු වී ඇති බව විචාරක මතයයි.්‍

දිවයින

(මේ අතර බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම පුවත අසත්‍ය බවත් එම පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *