අවසානයේ ශ්‍රී ලංකාව රුසියානු තෙල් මිලට ගනී…!

May 28, 2022 at 10:22 am | by emanisa.lk

බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකාව රුසියානු බොරතෙල් ආනයනය ආරම්භ කර ඇති බව බ්ලුම්බර්ග් සඟරාව වාර්තා කරයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ උපුටා දක්වමින් එම පුවත් වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ලයිබීරියා ලයිට් බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කිරීමට සූදානම් කරමින් ඇති බවයි.

මැයි මස 28 වන රුසියානු බොරාතෙල් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ද වාර්තාව සඳහන් කරයි.

රුසියාව යුක්රේන ගැටුමත් සමග ඇමරිකාව සහ යුරෝපා රටවල් සම්බාධක පැනවීමෙන් පසු රුසියානු බොරතෙල් පිළිගන්න ලද නවතම ආසියානු රට ශ්‍රී ලංකාව බව ද චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු පාරිභෝගිකයන් රුසියානු බොරතෙල් පරිබෝජනය ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාව කියා සිටී.

මේ අතර නවතා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින කිහිපයක් ඇතුළත ආරම්භ කිරීමට ද මේ වන විට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස