ඉන්ධන මාෆියාව ජනතාව තෙලෙන් බදී…! ඉන්දියාව ඩොලර් 35ට රුසියානු තෙල් ගනී…! ලංකාව අහක බලං වැඩි මිලට තෙල් ගනී…!

May 25, 2022 at 9:40 am | by emanisa.lk

රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ රුසියානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කසාන්හි තෙල් සමාගම ද ශ්‍රී ලංකාවට ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවා ඇති අතර මෙම ලිපිය ඇල්ලේ හිමියන් විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබිණි.

සයිබීරියානු බොරතෙල් ටොන් 90,000ක් රැගත් රුසියානු නියොන් බෙලොස් නැව කොළඹ වරාය සමීපයේ නැංගුරම්ලා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ හෙළිකර තිබිණි.

රුසියානු බොරතෙල් ලබාගැනීම ගැන බලශක්ති ඇමැතිවරයා කොළඹ රුසියානු තානාපතිවරයා සමග ද කිසිදු සාකච්ඡාවක යෙදී නැත.

රුසියාව මේ වන විට ඉන්දීය තෙල් සමාගම් පහකට බොරතෙල් ලබා දී ඇති අතර අද වනතුරු රුසියානු බොරතෙල් ලබා ගැනීමට මෙරට බලශක්ති අමාත්‍යාංශය ක්‍රියා කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *