තෙල් අර්බුදයටත් විසඳුම්…! රුසියානු තෙල් අඩු මිලට ලංකාවට…!

March 16, 2022 at 4:23 pm | by emanisa.lk

ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීමේ සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බවයි.

රුසියානු බොරතෙල් ලබා ගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධාන සම්බාධක නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට බාධාවක් නැත.

ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි.

ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත. වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු ද මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස