PANDORA PAPERS: ලොව ධනවතුන් සැඟ වූ දේපළ එළියට දමයි…! රාජපක්ෂ පවුලේ නිරූපමා සහ සැමියාගේ විදෙස් මන්දිර මෙන්න…!

October 4, 2021 at 7:02 am | by emanisa.lk

ලෝක නායකයින්, දේශපානඥයින් සහ කෝටිපතියන්ගේ රහස් ගනුදෙනු රාශියක් පිළිබඳ මූල්‍ය ලේඛන දස ලක්ෂ ගණනක් මේ වන විට හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙයි.

පැන්ඩෝරා ලේඛන ලෙස නම්කර ඇති මෙම මිලියන 6.4ක් පමණ වන මෙම ලිපි ගොනුවල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 90ක ඉතා ම බලවත් පුද්ගලයින් විදෙස් ආයතනවල සැඟ වූ දේපළ පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් සහ ඔහුගේ බිරිඳ, ජෝර්දාන රජු, පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ඇමැති මණ්ඩලයේ පිරිස් ආදී ප්‍රබල දේශපානඥයින් විදෙස්වල සැඟ වූ දේපළ ද මෙහි දී හෙළිදරව් වී ඇත.

මෙම ලේඛනවල ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරියක මෙන් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරපමා රාජපක්ෂගේ සහ ඔහුගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ නම ද සඳහන්ව ඇත. ඔවුන් දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරවල මන්දිර මිලයට ගෙන ඇතැයි එම රහස් ලේඛනවලින් හෙළිවෙයි.

නිරූපමා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂගේ සොහොයුරු ජෝර්ජ් රාජපක්ෂගේ දියණියයි. 2010-2015 මහින්ද රාජපක්ෂ රජයේ ජල සම්පාදන නියෝජ්‍ය ඇමැති ධූරයේ කටයුතු කළාය. 2015 මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමඟ ම නිරූපමා රාජපක්ෂ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙමින් මුල්කිරිගල ශ්‍රීලනිප සංවිධායිකා ධූරය භාර ගත්තාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස