තාජුඩීන් ඝාතනයේ පළමු සැකකරු මුදා හරී!

June 28, 2019 at 9:32 am | by emanisa.lk

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ ඝාතන සිද්ධියේ පළවෙනි සැකකරු වූ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා නීතිපති උපදෙස් මත එම සිද්ධියෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අදා (27) නියෝග කළාය.

මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ප්‍රකාරව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බවත් මෙහි තෙවන සැකකරු වූ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *