තරුණ කර්මාන්තකරුවන්ට ශිෂ්‍යත්ව 4000ක්! නව තාක්ෂණය සහ උපකරණ! ඉන්දියාව සමග ගිවිසුමක්! – මැටි ඇමති දිගට ම වැඩ..

October 9, 2020 at 4:29 pm | by emanisa.lk

මැටි කර්මාන්ත ඇතුළු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනයට ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.

අද දිනය මේ රටේ ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට වැදගත් දිනයක් වේවි කියලා මම හිතනවා. වාණිජ කටයුතු පිළිබඳ ඉන්දියානු තානාපති වෛද්‍ය රකේෂ් පාණ්ඩේ අද දින මාව මුණ ගැසීමට ආවා. අපි අතර ඉතා සුහද කතා බහක් සිදු වූ අතර මම මේ රටේ ග්‍රාමීය කර්මාන්තකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කීපයක්ද ඉන්දියානු රජයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කර්මාන්තකරුවන්ට නව තාක්ෂණික වැඩ සටහන් මෙන්ම නවීන උපකරණ ලබා දීමටත්, ඉන්දියානු ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවලදී අපේ ශිල්පීන්ට වෙළඳ කුටි ලබා දීමටත්, තරුණ ශිල්පීන්ට ශිෂ්‍යත්ව 400ක් ලබාදීමටත් ඔහු එකඟතාව පලකර සිටියා. ඒ විතරක් නෙවේ උතුර සහ නැගෙනහිර ග්‍රාමීය කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් මා ඔහුගෙන් ඉල්ලා සිටියා.

ඉන්දියාව ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතා විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබෙන අතර ලෝක අත්කම් නිර්මාණ වෙළඳපොලෙන් විශාල පංගුවකට හිමිකම් කියන්නේත් ඉන්දියාවයි. විශේෂයෙන් මෝදි අගමැතිතුමාගේ මැටි කර්මාන්තකරුවන් බල ගැන්වීමේ වැඩ සටහන හෙවත් Power to potter පිළිබඳව මා වෛද්‍ය රකේෂ් පාණ්ඩේ සමඟ සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය සහ මගේ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) පිළියෙල කිරීමට ද අප තීරණය කළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස