ඇමති ප්‍රසන්න දරුවන් සකසුරුවමට යොමු කරයි! පිටරට ප්ලාස්ටික් කැට වෙනුවට අපේ ම මැටි කැට බෙදයි!

October 2, 2020 at 2:20 pm | by emanisa.lk

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මෙසේය.

“සකසුරුවම අපට අතීතයේ පටන් හුරුපුරුදු කළේ අපේ ගෙදර කුස්සියෙනි. නෑඹිලියට ගත් හාල් වලින් මිටක් නැවත මැටි මුට්ටියට දැමීම අප දැකපුරුදු කාරණයක්. අපේ දූදරුවන්ටත් ඒ අතීත අපේ ඉතුරුම වගේම රටට අනන්‍යය වූ අපේකම හුරුකිරීමට ලෝක ළමා දිනයේ අලුත් පියවරක් තැබීම කොළඹ මහානාම විද්‍යාලයෙන් අද (02) ආරම්භවිය.

අපේ දරුවන්ට මැටි වලින් නිර්මාණය කළ කැට පරිත්‍යාග කිරීම ඒ පළමු පියවරයි. ආනයනික ප්ලාස්ටික් කැට වෙනුවට අපේ දරුවන්ට අපේම වැඩිහිටියන් අතින් නිර්මාණය කෙරුණු කැටයක් ලබා දීම අපගේ අපේක්ෂාවයි.

සකසුරුවම වගේම අපේ දේ අගයන පරපුරක් නිර්මාණය කිරීමට ඇති හොදමතැන පන්ති කාමරය බව අපගේ අත්දැකීමයි. අපි දිවයිනේ සියලුම පාසල් දරුවන්ට මේ හුරුව ඇතිකිරීමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස