ඩොලර් නොලැබීමෙන් කිරිපිටි වරායේ ම නරක් වීමේ අවදානමක්…! වහා ම කිරිපිට තොග වෙනත් රටකට යොමු කරන්න සාකච්ඡා..!

September 30, 2021 at 6:13 pm | by emanisa.lk

වරායේ සිර වී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කර ගැනීමට රජය මේ දක්වා වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට ලබා දීමට විදේශ නිෂ්පාදනය සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි.

කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟ ම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තව දුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ඔහු සඳහන් කළේය.

වාණිජ බැංකු සමඟ අද පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති බව කීය.

ඩොලරයක් රුපියල් 238 බැගින් ලබා දීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගතහොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වියදමක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144 ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *