රාජාංගනේ ගම්මාන 24ක් lockdown!

July 18, 2020 at 7:22 pm | by emanisa.lk

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක් වැසියන් 4644 දෙනෙකු ද සමග ඊයේ (17) පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන් කොරෝනා අවදානමට ලක්ව ඇත.

එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙනෙක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.

දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇත. ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *