ඥානසාර හිමි පත්කළේ ‘එක රටක් එක නීතියක්’ හදන එක වළක්වන්නයි…! ජී.ඇල්. පීරිස් එය තහවුරු කළා…! – ගෙවිඳු…

December 16, 2021 at 11:40 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ රට හමුවේ තැබූ එක් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ එක රටක් එක නීතියක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, 20 වන සංශෝධනය සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී ජනාධිපතිවරයා සිය දෙවන පදවි ප්‍රාප්තියට පෙර නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ද පොරොන්දු වූ බවයි.

රටේ සාමාන්‍ය නීතියට පවා ගරු නොකරන්නෙකු එක රටක් එක නීතියක් ගොඩනැඟීමේ ප්‍රධානියා බවට පත්කළේ එය ඉටු නොකිරීමේ අරමුණ ඇතිව ද යන්න පිළිබඳ තමන්ට සැකයක් ඇති බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ ය.

පසුගිය සතියේ විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් අරාබි රටවල තානාපතිවරුන් හමුවේ මේ රටේ පුද්ගල නීති කිසිවක් වෙනස් නොකරන බවට පොරොන්දුවක් දී ඇති බව ද හෙතෙම අනාවරණය කළේ ය.

ගෙවිඳු කුමාරතුංග මේ බව ප්‍රකාශ කළේ, “යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මැයෙන් පසුගිය 14 වෙනිදා ඇහැලියගොඩ දී පැවැති “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස