ඥානසාර හිමිගේ බලකායට දෙමළ නියෝජනයක්…!

October 29, 2021 at 4:38 pm | by emanisa.lk

රට තුළ එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා උවමනා පනත් කෙටුම්පත සැකසීිම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායට දෙමළ නියෝජිතයින් ද පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

ඒ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් වන ඩග්ලස් දේවානන්ද සහ ජීවන් තොණ්ඩමාන් විසින් සිදුකළ ඉල්ලීමක් අනුවය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් පත්කළ එම කමිටුවට සිංහල සහ මුස්ලිම් නියෝජිතයින් ඇතුළත් කළ ද දෙමළ නියෝජනයක් ලබා දී නොතිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *