“එක රටක් එක නීතියක්!” හදන වැඩේ ජනපති ඥානසාර හිමිට භාරදෙයි…!

October 27, 2021 at 7:37 am | by emanisa.lk

එක රටක් එක නීතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත සම්පාදනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.

සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එම කාර්යසාධක බලකායේ සභාපති ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර තිබේ. ලේකම් තනතුරට ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත්කර තිබේ.

එහි සෙසු සාමාජික සාමාජිකාවන් වන්නේ මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතීඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතීඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මවුලමි මොහොමඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දින් ය.

මෙම පනත් කෙටුම්පත සැකසීමේ ප්‍රගතිය පිළිබඳ මාසිකව ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදිය යුතු අතර 2022 පෙබරවාරි 28 හෝ ඊට පෙර අවසාන පනත් කෙටුම්පත ජනාධිපිතිවරයා වෙත ලබා දිය යුතුය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස