එක රටක් එක නීතියක් බලකායට දෙමළ සහ කාන්තා නියෝජනයක්..! කාර්යත් වෙනස් කරයි..!

November 10, 2021 at 12:23 pm | by emanisa.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සභාපතිත්වය දරන එක රටක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා දෙමළ සහ කාන්තා නියෝජනයක් ද එකතු කර තිබේ.

එසේ ම පෙර ගැසට් පත්‍රයේ සඳහන් ව තිබූ බලකායේ කාර්යභාරය පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවට “යෝජනා ඉදිරිපත් කිරීම” යනුවෙන් සංශෝධනය කර තිබේ.

මහාචාර්ය දයානන්ද බණ්ඩාර සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් අදාළ කාර්ය සාධක බලකායෙන් ඉවත්ව ඇති අතර රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියාපිල්ලෙයි දයානන්දරාජා අලුතින් පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස