ආණ්ඩුවේ ඇතැම් තීන්දු ගැටලුසහගතයි…! නමුත් ඇමැතිකමින් නම් යන්නේ නෑ…! – සබ්‍රි…

November 5, 2021 at 10:38 am | by emanisa.lk

රජය සමග ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්ව යාමට හෝ අධිකරණ අමාත්‍ය ධූරය අතහැරීමට හෝ තමාගේ කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ඇමැතිවරයා සඳහන් කරන්නේ රජය ගනු ලබන ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වුව ද ගැටුම්වලින් තොරව එම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කරන බවය.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වය සඳහා තම අනුදැනුමකින් තොරව ජනාධිපතිවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇමැති අලි සබ්‍රි සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සමයේ වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *