ජේ.ආර්. වගේ නායකයෝ නම් චමුදිතලට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකම් නෙමෙයි, ඉන්ටවීව් එකක් දෙන්නේ නෑ….! – නියෝමාල් රංගජීව

June 5, 2021 at 4:17 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම පසුගිය දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සිදුකළ රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව තැබූ සටහනකි.

ගරු J.R. ජයවර්ධන මහතා හා මාධ්‍ය භාවිතාව

හිටපු ජනාධිපතිතුමා විශ්‍රාමය ලබා බොරැල්ල වෝඩ් ප්ලේස් නිවසේ පොත පත කියවමින් කාළය ගෙවමින් සිටින අවස්ථාවේ ඉතාම නවක මාද්‍ය වේදියෙකු ඒතුමා හමුවි සම්මුඛ සාකච්ඡාවක් සදහා වේලවක් වෙන් කර ගත්තේ ය. දිනක් එ තුමා බැහැ දැක අදාළ සාකච්ඡා කිරිමට සුදානම් විය. හිටපු ජනාධිපතිතුමා මේ මාද්‍ය වේදියා ගෙන් ඇසුවේ ‘ තමුන්නැහැට මගෙන් මොන කාරණාවක් ද? දැනගන්න ඔනේ ‘ යන්නය . ‘මට සර් රටේ දේශපාලන හා ආර්ථිකය ගැන ඔබ තුමාගේ අදහස දැනගන්න ඔනේ ‘ යනුවෙන් පිළිතුර දුන්නේ ය.
ජනාධිපතිතුමා : ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා
තියෙනවා ද ?
මාද්‍යවේදිය : නැත
ජනාධිපතිතුමා : ආර්ථිකය ගැන වාර්තාවන්
කියවලා තියෙනවා ද ?
මාද්‍යවේදියා : නැහැ
ජනාධිපතිතුමා : සාමාන්‍ය නීති පොත් කියවලා
මාද්‍යවේදියා : නැහැ
ජනාධිපතිතුමා : ලෝකේ ආණ්ඩු ක්‍රම ගැන
කියවලා තියෙනවා ද ?
මාද්‍යවේදියා : නැහැ
තමුන්නැහැලා ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා ඒවා ගැන දැනගෙන ඔන . මගේ පුස්තකාලයෙන් අරන් යනවා පොත් ටිකක් ගෙනහින් කියවලා එනවා.
නමුත් ඒ මාද්‍යවේදියා අරන් ගිය පොත කියවුවා ද දන්නේ නැහැ එත් එකක් දන්නේය නැවතත් ගරු ජනාධිපතිතුමාව සම්මුඛ සාකච්ඡාවක් ගැනිමට නොගිය බව නම් දනිමි.
මාද්‍යකරණයේ දි උගන්වන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නා විසින් 20% කතා කර 80% උත්තර දෙන පුද්ගලයට දිය යුතු බවය . ඒ වගේම අදාළ පුද්ගලයාගෙන් ඇසීය යුතු වන්නේ ඔහුට අදාළ ප්‍රශ්න පමණි . මේවා මාද්‍යවේදිය තුල ඇති සරළ මූලිකාංග වේ.
පසු ගිය දිනෙක පුද්ගලික TV චැනලයක මාද්‍යවේදින් තුන් දෙනෙක් සමග නියෝජ්‍ය පොලිස්පති තුමෙක් අතර සංවාදයක් අසන්නට ලැබුණු අතර මට ජේ.ආර්.ජයවර්ධන මහත්තයා ගේ ඔවදන මතක් වුණේය. එනම් නීතිය පිළිබඳව අඹමල් රේණුවක දැණුමක් නැතිව අහන්න ප්‍රශ්න නිසා ය.
මාද්‍ය : ඇයි සහකාර පොලිස් අදිකාරි වැඩ තහනම්
නොකළේ.
D.IG. : සහකාර පොලිස් අදිකාරි නිලධාරීන් ගේ
විනය බලධාරියා රාජ්‍ය සේවා කොමිෂන් එක
මාද්‍ය :බැලු බැල්මට පේනවා නේ වරදක් කරනව
කියලා ,ඇයි පොලිස්පති ඉන්ඩික්ට් කරන්නේ
නැත්තේ ..ඇයි බය ද?
DIG : ච… සහකාර අදිකාරි වරුන්ගේ විනය බාරව ඉන්නේ පොලිස්පති තුමා නොවේ ,එක අයිති රාජ්‍ය සේවා කොමිෂන් එකේ .
මාද්‍ය : එහෙම කොහොමද Asp මේවනවිට ඉන්ටඩික්ට් කරන්න ඔන
DIG : ච…. නිළධාරියෙක් ඉන්ටඩික්ට් කරන්න පෙර
ප්‍රකාශයක් ගන්න ඔන එක යවන්න ඔන
රාජ්‍ය සේවා කොමිෂන් එකට
මාද්‍ය : එහෙම හරියන්නේ නැහැ , ඕවා යට
ගහන්න කරන කතා
***රාජ්‍ය සේවයේ ඇති අණපනත් ,නියෝග ,චක්‍ර ලේඛන ගැන අඹමල් රේණුවක දැණුමක් නැති වීම .
***අධිකරණය සමග හැප්ප වීම*****
මාද්‍ය : එගොල්ලො ඇප ගත්තේ
කොහොමද ,කොරන්ටයින් නොකළේ
පොලිසීයේ ඩීල් එකක් නිසා …..
DIG : කොහෙත්ම නැහැ ච… අපි B වාර්තාවේ ඔය
කරුණු දෙකම සදහන් කර ගරු මහේස්ත්‍රාත්
තුමා ගෙන් අවශ්‍ය නියොගයක් ඉල්ලා
සිටියා
මාද්‍ය : එතකොට අධ්කරණයේ තින්දුව නේද වැරැදි
DIG : නැහැ දෙපාර්ශවයම ඉදිපත් වු කරුණු අනුව
ගත් තීන්දුව
මාද්‍ය : අධ්කරණයේ නේද එහෙම නම් වැරැදි . …
DIG : ගරු අධ්කරණයේ තීන්දුවට මම හිස
නවනවා එක පොලිස් නිළධාරියෙක්
වශයෙන් .
මාද්‍ය : පොලිසීයේ වැරැද්දක් නැත්තම් වැරැද්දක්
තියෙන්නේ අධ්කරණයේ තීන්දුව
DIG : නැහැ ..මම කියන්නේ තීන්දුවක් නොපිළිගත
තත්ත්වයක් තියෙනවා නම් ඉහළ
අධ්කරණයට යනවා මිසක මේ විදියට අපිට
විවෙචන කරන්න බැහැ …
**** බී වාර්තාවක් කියන්නේ මොකක් ද ? සාක්ෂි නීතිය , අධිකරණ අභිමතය, පොලිස් නිලධාරීන් ගේ බලතල ,PHI ගේ බලතල හා කාර්‍යය භාර , නීරෝධාන නීති මේ කිසිවක් දන්නේ නැතිව අධිකරණය වැරැදි යන්න “ඔව්..,නැහැ ,,බැහැ ” කෙටි උත්තර වලින් මාද්‍යවේදියා හිතාන ඉන්න අභිප්‍රායන් ඉටුකර ගැනිමට උත්සාහ කර ලදී .
මෙහි තිබුණ භයානක ප්‍රශ්න ඇසීම වුයේ අදාළ නියෝජ්‍ය පොලිස්පති තුමා බැරි වෙලාවකට හරි “එතන අධිකරණයේ පොඩි අවුලක් තියෙනවා ,කිව්වා නම් ,,අද ඒ DIG සර් අද ගෙදර ය. දෙක අධිකරණයට අපහාස කළ බවට වසර දෙකක් රංජන් සමග ය. මේ තරම් වටිනා රාජ්‍ය සේවකයෙක් රක්ෂාව නැතිව හීරේ යන්නේ මේ වැනි මාද්‍ය වේදින් ගේ දහං ගැට නිසාය .
අපි දරුණු සැකකරුවන් ගෙන් වුවත් ප්‍රශ්න කරන්නේ යම් ක්‍රමයට වේ. සමහර විට ඔහුනගේ අඹුදරුවන් නැදැයෝ ඉදිරියේ නොකරයි. සාමාන්‍ය වසංගතයක් තිබෙන විට අපි එදිනෙදා කරන සාමාන්‍ය කටයුතු යම් යම් සීමාවක් පැනවේ. නමුත් ඒවා අපරාධ නොවේ. ඒවා වසංගතයෙන් මිදෙන තුරු පමණක් වැරැදි වේ. පොලිස් බාදක අසළ සිට පුද්ගලික චැනල් වල මාද්‍ය වේදින් විසින් වාහන වලින් එන මිනිස්සුන්ව ඉතා නීහින ලෙස ප්‍රශ්න කරන හැටි රූපවාහිනියෙන් දැක ගතහැකි ය. ගමක ඉන්න බොරු චංඩි වගේ මිනිස්සු ප්‍රශ්න කරති. කැමරාවට මුහුණ දි ගන්න බැරුව මිනිස්සු ඉතාමත් අපහසු තාවයකට ,ලැජ්ජාව ට පත් වේ.එසේ වෙන්නේ මුලු රටේ මේක ප්‍රචාරය වන නිසා ය. මේක බරපතළ මූලික අයිතිවාසිකම් කඩවීමක්‍ . නීති පොත් අනුව මිනිසෙක් ව පොලිස් නිලධාරීන් විසින් “යන මග අවුරා යන්නේ කොහෙ’ද යන්න විමසීම ද අත් අඩංගුවට ගැනිමක් සේ ගරු අධ්කරණයේ සළකනවා නම් මේ කැමරාවක් අරගෙන අහන ප්‍රශ්න මොකක් ද ? මෙහෙම මිනිස්සු ගෙන් ප්‍රශ්න අහන්න මාද්‍යයට අවසර දි ඇත්තේ මොන පනතින් ද?තමා ගේ කැමත්තක් නැති ව .
මේවා ජනතාව දැනගත යුතු අයිතිවාසිකම් ය.
මේක “විලම්බීත පුරයක් වී” හමාරය . තමන් දන්නේ නැහැ තම වෘත්තීය සීමාව .නමුත් හොදටම
දන්න එකක් ඇත තමා වෘත්තිය නොදැන ගත්තත් අනුන්ගේ ඒවා දනී.
එදා ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ගෙන් ඉගෙන නොගත් නිසා අදටත් දැණුම නැතිව දකින දකින අයට ඇණමින් යති.
විලම්බීත රටේ ඔහු වගේම වෘත්තීය දැණුම නැති කෙනෙකුට ඇන්න දා ට ජාතික රෝහලේ 72 වාට්ටුවේ වැලි කොට්ට එල්ලා ගෙන ඉන්න වේවි.

නියෝමාල් රංගජීව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස