චමුදිත ඔයා මට අපහාස කරල ආනන්තරිය පවක් කරගත්තා…! – පියුමි හංසමාලී බණ්ඩාරවෙල සිට live එයි….

June 5, 2021 at 2:19 pm | by emanisa.lk

චමුදිත සමරවික්‍රම උදේට පත්තරේ විස්තරේ කියවන්න ඇවිත් පියුමිගේ විස්තරේ කියන බවට පියුමි හංසමාලී චෝදනා කරයි.

බණ්ඩාරවෙල ප්‍ර දේශයේ නිරෝධායනයේ යෙදෙන අතර ෆේස්බුක් ලයිව් වීඩියෝවක් නිකුත් කරමින් ඈ මේ බව පවසා තිබේ.

චමුදිත සමරවික්‍රම තමා ඇතුළු පිරිසට චෝදනා කරමින් ආනන්තරීය පාප කර්මයක් සිදුකර ගන්නා බවත් තමා දහම් පාසල් ගොස් ඇති බවත් ඇය සඳහන් කරයි.

රස්සාවට වුව ද මේ ආකාරයට පිනෝකියෝ වගේ නහය උල් කර බොරු නොකියන ලෙසත් තමන් ඇතුළු පිරිසට ඇඳුම් ටික ලබා ගැනීමට උදව් කළ ඇමැති සරත් වීරසේකරට නින්දා නොකරන ලෙසත් ඇය ඉල්ලා සිටියි.

නිරෝධායන මධ්‍යස්ථානයේ හමුදාව තමන්ට ඉතා ම හොඳින් සලකන බවත් හමුදාපතිතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් පියුමි හංසමාලී ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස