ගෝඨා-මෛත්‍රී ඝාතන සැලැස්ම ෆීල්ඩ් මාර්ෂල්ගේ! කොන්ත්‍රාත්තුව තුෂාර පීරිස්ගෙන් මාකඳුරේ මදූෂ්ට! සියල්ල කළේ රනිල්ගේ උවමනාවට! – නාමල් කුමාර ආන්දෝලනාත්මක හෙළිදරව්වක…

November 23, 2020 at 1:10 pm | by emanisa.lk

ප්‍රභාකරන් චිත්‍රපටය අධ්‍යක්ෂ කළ තුෂාර පීරිස් ප්‍රංශයේ සිට ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළ බව නාමල් කුමාර පවසයි.

එසේ ම ලංකාවේ මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල කර ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ සැලසුමක් තිබූ බවත් ඒ වෙනුවෙන් කරුණා අම්මාන් කෝටි 15ක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කරයි. මෙම ගනුදෙනුව කතා කර ගැනීම සඳහා කරුණා අම්මාන් හමුවන්නට ගියේ අරඹේපොළ රතනසාර හිමි බවත් හෙතෙම හෙළිදරව් කරයි.

හිටපු පොලිසිපති පූජිත ජයසුන්දර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය දියත් කළ බවත් එහි සැලසුම සරත් ෆොන්සේකාගේ බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උවමනාවට මෙම ප්‍රහාරය සැලසුම් කළ බවත් නාමල් කුමාර පවසයි.

මේ ඝාතන කුමන්ත්‍රණයට සහාය වන ලෙස තුෂාර පීරිස් තමාට පැවසූ අතර එම තොරතුරු ජාතික බුද්ධි සේවයට තමා ලබා දුන් බවත් නාමල් කුමාර පවසයි. එම තොරතුරු නැවත ඝාතන සැලසුම්කරුවන් අතට පත්වූ බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මෛත්‍රී ගෝඨා ඝාතනය සඳහා මාකඳුරේ මදූෂ්ගේ ගෝළයින් දෙදෙනෙකු ලබා දීමට සැලසුම් කර ඇති අතර එමගින් පොලිස්පති ධුරය ලබා ගැනීම නාලක සිල්වාගේ අරමුණ වූ බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළේ ය.

ජනපති ඝාතන කුමන්ත්‍රණය බොරුවක් යැයි පවසන ලෙස මාකඳුරේ මදූෂ් තමාගෙන් ඉල්ලා සිටි බවත් එසේ කළහොත් සරත් ෆොන්සේකාගේ පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව ඇතුළු තවත් වරප්‍රසාද ලබා දෙන බව පැවසූ බවත් නාමල් කුමාර හෙළි කළේ ය.

චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් නාමල් කුමාර මේ බව හෙළිදරව් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස