පියුමි හංසමාලි Live එයි….! චමුදිතට කුණු බැනුම්….! හිරු ලොක්කගේ අයුතු බලපෑම් හෙළි කරන්නත් සූදානම්…!

June 2, 2021 at 9:21 pm | by emanisa.lk

පසුගියදා චන්දිමාල් ජයසිංහගේ උපන් දින පාටියට සහභාගී වූ සියලු දෙනා දින 14 නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

අධිකරණය ඇප ලබා දුන්න ද පොලිසිය විසින් මෙලෙස පිරිස නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර පියුමි හංසමාලී චෝදනා කරන්නේ හිරු නාළිකාවේ සලකුණ වැඩසටහනේ දී දිගින් දිගට ම තමන් ඉලක්ක කරමින් සිදුකළ අභූත චෝදනා නිසා තමන්ට මෙලෙස නිරෝධායනයට යොමුකර ඇති බව ය.

හිරු නාළිකාවේ හිරු ස්ටාර් වැඩසටහන්වලට සිය ගණන් සහභාගී වූ බවත් එහි දී ඇතැම් කලාකරුවන්ට කොවිඩ් වැළඳුණ ද ඔවුන්ට නිවෙස්වල නිරෝධායනයට අවසර ලබා දුන් බව ය.

එවැනි අවසරයක් ලබා දුන්නේ කෙසේ දැයි අජිත් රෝහණගෙන් චමුදිත සමරවික්‍රම ප්‍රශ්න කළ යුතු යැයි පියුමි හංසමාලි පවසයි.

තමන් සමඟ හිරු නාළිකාවට ඇත්තේ පෞද්ගලික තරහක් බවත් නිරෝධායනයට පසු තමා වෙත එවන ලද මැසේජ් ඇතුළු සියල්ල හෙළි කරන බවත් ඇයි වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස