ජේ.ආර්ගේ 5/6ට වඩා ගෝඨාගේ 2/3 බලවත්! – ලාල්කාන්ත

October 2, 2020 at 11:01 pm | by emanisa.lk

ජේ. ආර්. කේවල ක්‍රමය යටතේ හිමි කර ගත් 5/6 ජනවරමට වඩා ගෝඨාභය සමානුපාතික ක්‍රමය යටතේ ලැබූ 2/3 ජනවරම බලවත් යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පෙරේදා (30) පස්වරුවේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ජවිපෙ විස්ස කාගේද? විස්ස කාටද? යන සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසීය.

“ජේ. ආර්. බලයට පත්වෙනකොට රට පත්වෙලා තිබුණේ සංවෘත ආර්ථිකයකට. ජනතාවට එපා වෙලා හිටියේ. කන්න නෑ, අඳින්න නෑ, හාල් පොලු, මෙවැනි අරාජික තත්ත්වයකයි ජේ. ආර්. ට හයෙන් පහක ජනවමක් ලැබුණේ. ජේ. ආර්ගේ එම බලය විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ගත්තා. හැමෝම ලිපි දුන්නා. ජේ. ආර්. ගේ ආර්ථික දැක්ම ක්‍රියාත්මක කරන යනකොට විරුද්ධ වෙන එක නතර කරන්න ඒ දේ කළා. එදා ජනතාව ආර්ථික හා සමාජ පීඩනයකට දැඩි ලෙස හසුවෙලා හිටියේ.

යහපාලන රජයත් එවැනි තැනකයි තිබුණේ. ජනතාව බය වෙලා ජාතීන් අතින් ජාතීන් විනාශ වෙයි කියන බය තිබුණා. රටේ දියුණුවක් පෙනුනේ නෑ. එවැනි පීඩාකාරී අවස්ථාවකයි මෙවර ගෝඨාභයට තුනෙන් දෙකක ජනවරමක් ලැබුණේ. දැන් ගෝඨාභයට තිබෙන වුවමනාව මොකක්ද 78 ඉදන් ආපු ව්‍යවස්ථාව වෙනස් කරන්න. ජේ. ආර්. කරගෙන ආපු දේ ඉවර කරන්ට බැරි වුණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස