ජිනීවාහි බලය බටහිරින් නොබැදි ජාතීන් අතට! ලක් රජයෙන් යුද අපරාධ චෝදනා අහෝසි කරන මෙහෙයුමක්!

October 18, 2020 at 9:43 am | by emanisa.lk

ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව, පාකිස්තානය සහ කියුබාව යන රටවල සහායෙන් අහෝසි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණ කර ඇත.

2021 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ බලය චීනය රුසියාව, පාකිස්තානය, කියුබාව, නේපාලය ඇතුළු නොබැඳි රටවල් 33 කට හිමිවීම නිසා 30/1 යෝජනාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අවධානය යොමුකර ඇත.

මෙලෙස ශ‍්‍රී ලංකාවට පක්ෂපාතී රටවල මානව හිමිකම් කවුන්සිලයේ බලය හිමි වීම නිසා කොටි ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සංධානය දැඩි කැළඹීමකට පත්වී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ තිබූ බලය බටහිර රටවල් සහ ඔවුන්ට පක්ෂපාතී රටවල් 13 කින් ඉවත්වී ඇත.

2021 මාර්තු මස පැවැත්වෙන 40 වැනි ජිනීවා සැසිවාරයේදී ජිනීවා යෝජනාව කඩ නො කිරීම ගැන බටහිර රටවල් පහක් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ නිර්දේශ ගෙන ඒමට සැලසුම් කර තිබුණ ද මෙවර බටහිර බලය ඉවත්වීම නිසා එම සැලසුම ව්‍යර්ථ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස