ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී කපන කතා බොරු! යහපාලන බැංකු පොලී බද්දත් අපි අහෝසි කළා! – මුදල් අමාත්‍යංශය

July 7, 2020 at 12:56 pm | by emanisa.lk

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතවල කිසිඳු සංශෝධනයක් කර නොමැති බවත්, එම වැඩසටහන පෙර පරිදිම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.ෙ

රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් නව රජය පත්වීමත් සමඟ ඉකුත් ජනවාරි මස 01 වෙනිදා දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇති බවත් එහි වැඩි දුරටත් සඳහන්ය.

මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස