ජවිපෙ කරන්නේ තනිකර බොරු රඟපෑමක්! නැත්නම් චීන එම්බසිය ළඟ උද්ඝෝෂණ නො කළේ ඇයි? – මංගලගෙන් ජවිපෙට ප්‍රහාරයක්….

October 28, 2020 at 10:50 pm | by emanisa.lk

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ රටේ ස්වෛරීභාවය පිළිබඳ කතා කිරීම හුදු මවා පෑමක් පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ජවිපෙ විරෝධතා පිළිබඳ ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

“සති කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ද උද්ඝෝෂණයක් කළේ නම් ඔවුන් රටේ ස්වෛරීභාවය පිළිබඳ සැබවින්ම කල්පනා කරන්නේ යැයි අපට ප්‍රශංසා කරන්න තිබුණා.”

මෙමගින් ඔහු ඉඟිකර ඇත්තේ දින කිහිපයකට පෙර චීන ඉහළ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලංකාවට පැමිණි අවස්ථාවේ ජවිපෙ මෙවැනි විරෝධාත නො කළ බව ය.

පසුගිය මැතිවරණ සමයේ ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පවසා තිබුණේ මංගල සමරවීර පාර්ලිමේන්තුවේ සිටිය යුතු ම දේශපාලන අරටුවක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස