ජයරුවන් බණ්ඩාර කොවිඩ් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට!

November 14, 2020 at 10:24 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් වෛරසය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ ජයරුවන් බණ්ඩාර කලක් එහි වැඩ බලන අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේ ය.

කෙසේ වුවද එම අධ්‍යක්ෂ ධුරයේ ස්ථිර සේවයට බඳවා ගැනීමේ දී පශ්චාත් උපාධි සුදුසුකම් අනිවාර්ය නිසා එම ධුරය ඔහුට අහිමි විය.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ඉල්ලීම මත තමා ධුරයෙන් ඉල්ලා අස් වූ බව වෛද්‍ය බණ්ඩාර මාධ්‍ය වෙත පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස