තමා ජනාධිපති ධූරයට පත් වූ පසු ගෙවල් හදා දෙන බව පවසමින් සජිත් ප්‍රේමදාස පදවිය රක්ෂිතය මැද විශාල වන විනාශයක් සිදුකර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට සති දෙකකට පෙර අනුරාධපුර නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට කැඳවා ජනතාවට මූලික මුදලක් ද ලබා දී තිබේ.
එසේ ම වනාන්තරය මැද නිවාස 47ක් තැනීම සඳහා අත්තිවාරම් දමා ඇති අතර ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ රක්ෂිතය තුළ මෙම අත්තිවාරම් කැලෑබත් වී ඇත.
කෙසේ වුවද සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය මේ වන විට ආණ්ඩුව විශාල පරිසර සංහාරයක යෙදෙන බවට මතයක් සමාජගත කරයි.