කලවානේ ආන්දෝලනාත්මක ඉඩමට අල්ලපු ඉඩම සජිත්ගේ සංවිධායකගේ….! – සිංහරාජේ වන සංහාරය සොයා ගිය ආණ්ඩුවේ පසුපෙළින් හෙළිදරව්වක්…

March 25, 2021 at 9:53 pm | by emanisa.lk

මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දී ඇති සිංහරාජ වනාන්තරයේ සිදුකෙරෙන්නේ යැයි පැවසෙන වන විනාශය සොයා බැලීම සඳහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් අද (25) පස්වරුවේ එම ප්‍රදේශයට ගොස් ඇත.

මෙම ගමන සඳහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් 11 දෙනකු සහභාගි වී ඇත.මෙහිදී ගස් කපා දමා ඇතැයි පැවසෙන ප්‍රදේශය ද, ඊට මායිම්ව ඇති ප්‍රදේශ ද නිරීක්ෂණය කිරීමට මෙම මන්ත්‍රිවරුන් කටයුතු කොට තිබේ.
එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරයා ද කැඳවීමට මන්ත්‍රිවරුන් කටයුතු කොට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ විපක්ෂය චෝදනා කරන පරිදි වන විනාශයක් එම ප්‍රදේශයේ සිදුව නැති බවය.

“අපි අද එතැනට ගිහිල්ල සියලු ම නිලධාරීන් ගෙන්වල සියලු දේ පරීක්ෂා කරල බැලුව. ඒවා පෞද්ගලික ඉඩම්. අනවසර ඉඩම් නෙමෙයි. ඒ අයට ඔප්පු තියෙනවා. එම ඉඩමෙ ඉඳන් සෑහෙන දුරකින් තමයි සිංහරාජ වනය පිහිටල තියෙන්නෙ. අනික ඔය කියන ඉඩමට යාබද සමඟි ජන බලවේගයේ සංවිධායකවරයෙක්ට අයිති ඉඩමක්. එතුමගේ නම රාමනායක. මේ ගමනෙ දි අපි ඒකත් හොයාගත්තා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස