සජිත්ගේ පරිසරය රකින උද්ඝොෂණයට විල්පත්තු රිෂාඩ්ගේ ගජ මිතුරොත් ඇවිල්ලා….!

March 25, 2021 at 7:59 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වනාන්තර විනාශයට එරෙහිව ඊයේ (24) විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කර තිබිණි.

පරිසර හිතවාදී සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී ප්‍රකාශ කළේ ය.

විල්පත්තුවේ විශාල වනාන්තර විනාශයක් සිදුකළ බවට චෝදනා ලබා අධිකරණය මගින් නැවත එම වනාන්තර වගා කිරීම සඳහා නියෝග ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමීපතම මිතුරු පිරිසක් ද මෙම උද්ඝෝෂණයට සහභාගී වීම විශේෂත්වයකි. එසේ ම මෙම විරෝධතාව සඳහා රිලවෙකු ද යොදා ගෙන තිබිණි.

සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරය බවට පත්ව ඇත්තේ රිෂාඩ් බදියුදීන් යැයි පසුගියදා මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *