එජාපයට පැන්න ෆවුසිගේ මන්ත්‍රී ධුරය අහෝසියි! හිටපු ජනාධිපති වහාම පාර්ලිමේන්තුවට!

November 23, 2019 at 1:56 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එම් එච් ෆවුසි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ෆවුසි මන්ත්‍රී ධුරය අහෝසි වූ සැනින් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ෆවුසි දින 52 ආණ්ඩුව සමයේ එජාපයට සහාය දැක්වීමට එකතු වූ අතර හිටපු ජනාධිපතිවරයා මීට ටික දිනකට පෙර සඳහන් කර තිබුණේ විශ්‍රාම සුවයට වඩා ක්‍රියාකාරී දේශපාලනය තමාට ප්‍රිය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස