ජනතාව බලය ලබා දී ඇත්තේ ජනාධිපතිතුමාට බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.
20 වන සංශෝධනය ඔස්සේ ජනාධිපති ධුරය බලවත් කරන්නේ එම ජනතා අභිලාෂය අනුව බව ඔහු අවධාරණය කරයි.
විධායක ජනාධිපති ධුරය පවතින්නේ නම් ජනාධිපතිවරයාට වගකීම මෙන්ම බලය ද ලබා දිය යුතු බවත් 20 වන සංශෝධනයෙන් සිදුවන්නේ එය බවත් හෙතෙම පවසයි.
නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.