ජනාධිපතිට වුණත් මුක්තිය ලබා දීම වැරදියි! වරදක් කළොත් අධිකරණයට යන්න අවස්ථාව ඕන! – බෙංගමුවේ නාලක හිමි

September 8, 2020 at 12:56 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තමන්ට එකඟ විය නොහැකි කොටස් පවතින බව බෙංගමුවේ නාලක හිමි පවසයි.

“20 වැනි සංශෝධනයෙ දැන් ජනාධිපතිතුමාව උසාවියට ගෙනයාම වළක්වාලන ඡේද තියෙනවා. ඒක හරි නෑ. ජනාධිපතිතුමා වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටට පටහැනිව කටයුතු කරනවා නම්, ක්‍රියා කරනවා නම් ඔහුව උසාවි ගෙනයාමට අවස්ථාව තිබිය යුතුමයි.

මේ විගණකාධිපතිවරයාගේ බලතල දුර්වල කරලා, ඒ ව්‍යවස්ථාවේ කරුණු සඳහන් වෙනවා. සමහර අමාත්‍යාංශ විගණනය කිරීමේ බලය අත්හිටුවලා තියෙනවා ඒකත් වැරදියි”

බෙංගමුවේ නාලක හිමි මේ බව පැවසුවේ ජාතික සංවිධාන සම්මේලනය විසින් ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස