ජනාධිපතිගේ නීතීඥයෝ රටට ව්‍යවස්ථාව හැදීම විහිළුවක්…! ඒ සඳහා අපේ අනුමැතිය ලබා ගත යුතුයි…! නැත්නම් ජාත්‍යන්තරය උදහස් වෙයි…! – කිරිඇල්ල…

October 21, 2021 at 2:39 pm | by emanisa.lk

ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයි ද එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පාර්ලිමේන්තුවේ දී අද (21) මෙම ඉල්ලීම කළේය.

විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ අයගෙන්වත් උපදෙස් ගන්නේ නැතැයි ද මොනවා වෙනවා දැයි කියා ඇමැතිවරු පවා දන්නේ නැතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළේය.

“ඒ නිසා මේ සිදුවන දේවල වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයායි. නව ව්‍යවස්ථාවක් හදන විට ස්වාධීන කොමිෂන්වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. ස්වාධීන කොමිෂන්වලට නිදහස දුන්නේ නැත්නම් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ලැබෙන්නේ නැහැ.

තමා අසාර්ථක වී ඇති බව ජනාධිපති ම කියනවා. ඒකට හේතුව එතුමාමයි. එතුමා කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. තනිව වැඩ කරලා ඔහු අමාරුවේ වැටිලා. දැන් ව්‍යවස්ථා හදන්නේ ජනාධිපතිගේ නඩුවලට පෙනී සිටි අයයි. මෙය විහිළුවක්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *