69 ලක්ෂයක් ජනතාවගේ පැතුම් සඵල වෙයි! වසරකින් රට සුරකින නව ව්‍යවස්ථාවක්! – ජනපතිගෙන් ඉලක්කයක්…

October 18, 2020 at 1:07 pm | by emanisa.lk

තමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර අංග සම්පූර්ණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදී ඇත්තේ 2021 නොවැම්බර් 21 වැනිදාටය. එදිනට පෙර සම්මත කර ගැනීමට හැකි වන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් පත්කර සිටින ව්‍යවස්ථා සම්පාදක කමිටුවට උපදෙස් ලබා දී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වෙත පිළිගන්වන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ප්‍රතිඥාව ඉටුකිරීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී තිබේ. එක රටක් – එක නීතියක් එහි පදනම වන අතර ස්ථාවර නොබෙදූ රටක් ගොඩනැගීම තම අරමුණ වන බව ජනාධිපතිවරයා පැවසීය.

හැටනව ලක්ෂයක ජනතාව ඡන්දය ප්‍රකාශ කර බලය ලබා දුන්නේ අරාජිකත්වය පිටුදකින නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස