ජනපති මාධ්‍ය සම්මාන උළෙලේ පුවත්පත් කර්තෘවරුන්ට ආසන නෑ! කර්තෘවරු බැල්කනියට යාම ප්‍රතික්ෂේප කොට ආපසු හැරී යති!

April 12, 2019 at 8:05 am | by admin

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උළෙලට පැමිණි දිවයිනේ ජාතික පුවත්පත් කිහිපයකම කර්තෘවරුන්ට ආසන ලබා නොදීම නිසා ඔවුන් එම අවස්ථාවට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (10) පස්වරුවේ එම සම්මාන උළෙල පැවැති අතර ඊට සහභාගි වන ලෙස ආරාධනා ලැබ සිටි පුවත්පත් කර්තෘවරුන් උත්සව ශාලාවට ගිය පසුව සංවිධායකයින් පිරිසක් ඔවුනට සම්මන්ත්‍රණ ශාලාවේ බැල්කනියට ගොස් අසුන් ගන්නා ලෙස දන්වා තිබේ.

එහෙත් පුවත්පත් කර්තෘවරුන් එය ප්‍රතික්ෂේප කර සම්මාන උළෙලට සහභාගි නොවී අප්‍රසාදය පළ කර ආපසු ගොස් තිබේ.

ජනමාධ්‍ය සම්මාන උළෙලකදී පුවත්පත් කර්තෘවරුනට ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබිය යුතු නමුත් එවැන්නක් සිදු නොවීම පිළිබඳව සංවිධායකවරුන් වගකිව යුතු බවද ඇතැම් පිරිසකගේ අදහස වී තිබේ.

මේ අතර තවත් පුවත්පත් කර්තෘවරුන් කිහිපදෙනෙකුට උත්සව සභාවේ ඉදිරිපෙළ අසුන් වෙන්කරදී තිබුණු බවද පැවැසේ. මේ පිළිබඳ ජනාධිපතිවරයා කනගාටුව ප්‍රකාශ කර ඇති අතර අමාත්‍ය රුවන් විජේවර්ධන පරීක්ෂණයක් කරන බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස