ජනපති නියෝගයෙන් ඡන්දෙ කොට උඩ.! කොමිසම අත පය හකුළා ගනී..!

February 1, 2023 at 11:11 am | by emanisa.lk

නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තව දුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බවත් රාජ්‍ය ආයතන සඳහන් ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් වැළිකිය යුතු බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ලබා දුන් නියෝගය නිසා මැතිවරණ කොමිසම දැඩි අසීරුතාවට ලක්ව ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

මෙම නියෝගය මැතිවරණ කොමිසමේ අත් පා බැඳ ගැනීමක් යයි ද මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු එම පුවත්පතට සඳහන් කර තිබේ.

මැතිවරණ කාලයේ දී කොමිසම දරන වියදම් බොහොමයක් සිදු කරන්නේ ඉදිරියේ දී ගෙවීමට ණය පදනම මත බව ද ඔහු සඳහන් කර තිබේ. ආහාර, ප්‍රවාහන හා මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ කරගන්නා රජයේ සේවකයන්ගේ දීමනා ද ඉදිරියේ දී ගෙවීමේ පදනම මත සිදු කරන ඒවා බව ද ඔහු පෙන්වා දී ඇත.

පොලිස්පතිවරයා ද මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ පසුගිය මැතිවරණ රාජකාරී සඳහා ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවන තුරු මැතිවරණ රාජකාරී සඳහා පොලිසිය අනුයුක්ත කළ නොහැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *