පුංචි ඡන්දෙට තරඟ වදින්න පෙරටුගාමීන් සූදානම්…!

January 6, 2023 at 3:33 pm | by emanisa.lk

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

සිය පක්ෂය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය බව ද ඔහු කීවේය.

ඇතැම් පළාත් පාලන ආයතනවලට පෙරටුගාමී පක්ෂයෙන්ම නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන බවත් අනෙකුත් පළාත් පාලන ආයතනවලට වමේ පක්ෂ සමග සන්ධාන ගතව හෝ ස්වාධීන කණ්ඩායම් යටතේ හෝ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට එම පක්ෂය දැනටමත් සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *