හෙලිකොප්ටරේ තටුවක් හැලේ…! ශ්‍රීලනිපය පුංචි ඡන්දෙට තනිවම…!

January 16, 2023 at 11:43 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තනිව තරඟ වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ.

අද උදේ (16) රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෙම තීන්දුව ගෙන ඇත.

පසුගිය 11 වෙනිදා උත්තර ලංකා සභාගය සමග සන්ධානයක් ගොඩනැඟූ පසුබිමක මෙම තීන්දුව ගැනීම විශේෂත්වයකි.

ග්‍රාමීය පක්ෂ යාන්ත්‍රණයක් හිමි ශ්‍රීලනිපය තනිව තරඟ වැදීම එවැනි යාන්ත්‍රණයක් නොමැති උත්තර ලංකා සභාගය ඇතුළු සුළු පක්ෂවලට අභියෝගයක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *