ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.
ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඊයේ ( 18) දිවුරුම් දුන්නේය.
අභිනව ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා සහ වැඩ භාරගන්නා අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද එකතු විය.