ශ්රී ලංකාව වෛරස ව්‍යාප්තියට දැක්වූ ප්‍රතිචාරය වේගවත් සහ තීරණාත්මක බවත් එහි මනා සම්බන්ධීකරණයක් පැවති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාව මගිනි.
තම සාමාජික රටවල් වෛරස ව්‍යාප්තිය සඳහා ප්‍රතිචාර දැක්වීම ගැන අවබෝධයක් ලබා දීම මෙම වාර්තාවේ අරමුණ වී තිබේ.
මෙම වාර්තාවේ 75 සිට 88 පිටු දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විස්තර ඇතුළත් වී ඇත. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය හා සෘජු තීන්දු ගැනීම මේ සඳහා මහා පිටුවහලක් වූ බව ද වාර්තාවේ සඳහන්ය.
ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මර්දනය සාර්ථක වීමට බලපෑ සමස්ත රාජ්‍ය ප්‍රවේශය සම්බන්ධයෙන් වාර්තාව දීර්ඝ ලෙස පැහැදිලි කර තිබේ.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට නිකුත් කර ඇති නවතම වීඩියෝ පටයක ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදය ද ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.