ජනපති කාර්යාල සියලු පිවිසුම් වසයි..! නිලධාරීන් නිවාස අඩස්සියේ…! IMF සාකච්ඡාවටත් බාධා..! අගලකරුවන් 21ක් අත්අඩංගුවට…!

June 20, 2022 at 12:44 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින අතර ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හතර දෙනකු ද සිටින බව පොලිසිය කියයි.

පිවිසුම් දොරටු ඉදිරිපිට කූඩාරම් ද ඉදිකර විරෝධතා දැක්වීම නිසා එම කාර්යාලවල අත්‍යාවශ්‍ය සේවා සඳහා වාර්තා කරන නිලධාරීන් මෙන්ම අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට කාර්යාලය තුළට පිවිසීමට හා පිටතට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මේ හේතුවෙන් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල විය.

අත්අඩංගුවට ගත් පිරිස අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *