ජනපතිට ආරක්ෂක ලේකම්ට තර්ජනය කළ පොඩි ලැසීට ඇප!

October 16, 2020 at 6:36 pm | by emanisa.lk

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසීට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (16) ඇප ලබා දුන්නේය.

ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 4ක් මත පොඩි ලැසී මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් නියෝග කළේය. මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිණි.

කෙසේ වුවද ඊයේ දිනයේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ පොඩි ලැසීව දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස