වහාම STF මෙහෙයුම් නතර කරනු! බූස්සේ පාතාළ කෙරුමන් අපූරු ඉල්ලීම් සමග උපවාසයක!

September 10, 2020 at 11:44 pm | by emanisa.lk

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ වෙලේසුදා, පොඩි ලැසී, කංජිපානි ඉම්රාන් ඇතුළු රැඳවියන් 37 දෙනෙකු මෙලෙස අද උදෑසන සිට ආහාර වර්ජනයේ නිරත වන බවයි. කෙසේ වෙතත් පොට්ට නවුෆර්, ආමි සම්පත්, කැවුමා ඇතුළු 8 දෙනෙකු එම වර්ජනයට එක්ව නොමැත.

රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම, විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවන්, තමන්ට මාසිකව බන්ධනාගාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස